සුරතල් සතුන්ගේ ලොම් හැලෙන්නේ ඇයි ?

සුරතල් සතුන්ගේ ලොම් හැලෙන්නේ ඇයි ?
ඔයාලගේ ගෙදරත් බලු සුරතලෙක් හරි පූස් සුරතලෙක් හරි ඉන්නවානම් ඔයාලා දැනටමත් මේ ගැටලුවට මුහුණදීලා ඇති. අපේ සුරතලාගේ ලස්සන, breeds වලට අදාලව එයාලගේ පෙනුම පවත්වාගෙන යාමට coat එක හෙවත් ලොම් අනිවාර්යෙන් බලපාන සාධකයකි.
සුරතලාගේ ලොම් හැලීම සදහා ප්‍රධාන සාධක 2ක් බලපායි.
01) ස්වාභාවිකවම සිදුවන ලෝම හැලීම .
මෙම ස්වභාවික ලෝම හැලීම යනු ඔබේ සුරතලාගේ ජීවන චක්‍රයේ අත්‍යාවශ්‍ය අංගයකි. ඔවුන්ගේ ශරීරයෙන් 90%ක්ම ලෝමවලින් ආවරණය වී ඇත . මෙහිදී ඔබේ සුරතලාගේ වයසට ගිය ලෝම, හානියට පත් වූ ලෝම කාලයකට සැරයක් සුරතලාගේ ශරීරය විසින්ම ස්වාභාවිකවම හැලීමට ලක් කර අලුතෙන් ලෝම සාදාගැනීමක් සිදුකරයි.
02) අසනීප තත්ත්වයක් නිසා සිදුවන ලොම් හැලීම්.
(ඍජු හෝ වක්‍රව ආකාර කිහිපයක් ඇත.)
➤ ඇලජි අසාත්මිකතා
➤අසාදන තත්ත්ව (බැක්ටීරියා, පරපෝෂිත, දිලීර)
➤හෝර්මෝන අසමතුලිතතා
➤පෝෂණ ඌනතා
සුරතලා ජීවත් වන පරිසරයේ තිබෙන දුහුවිලි, සමහර විට ඔබේ නිවසේ ලස්සනට හදන මල් වර්ග වල පරාග, නිවාස පිරිසිදු කිරීම සදහා භාවිතා කරන පිරිසිදුකාරක, සුරතලා නාවන්න භාවිතා කරන ෂැම්පු හෝ සබන් වර්ග හා ලබාදෙන ආහාර ඔබේ සුරතලාට ඇලජි වෙන්න පුළුවන්.
අසාදන වර්ග විශාල ප්‍රමාණයක් ඇත. ඔයාල සාමාන්‍යයෙන් දන්නා රෝගය තමයි කටුවා කෑම කියන්නේ. එය සමෙහි සිටින මයිටාවන් මගින් ඇතිවන අසාදන තත්ත්වයකි. මෙය සමෙහි ලොම් හැලීමට බලපාන රෝග 100ක් අතරින් එකක් පමණි. තව ද මැක්කන්, පරපෝෂිතයින්, බැක්ටීරියා අසාදන නිසාත් මෙම රෝගය ඇතිවන්න පුළුවන්.
සුරතලුන්ගේ ඇඟේ තියෙන Thyroxine හෝර්මෝනය අඩුවීම (Hypothyroidism ) හෝ Cortisol හොර්මොනය අසාමාන්‍ය ලෙස වැඩිවීම නිසා ද ලොම් හැලීමේ රෝගයට ගොදුරුවිය හැක.

සමෙහි හා ලෝමවල පෝෂණය උදෙසා විශේෂයෙන්ම මේද අම්ල ඔමේගා 3, ඔමේගා 6 හා විටමින් E හා D යන පෝෂ්‍යපදාර්ථ අඩුවීම ද මෙම රෝගය සඳහා බලපායි.
මෙයට හොඳම විසදුම වන්නේ, Royal Canin වෙතින් හදුන්වාදෙනු ලබන Hair and Skin Care product එකයි. මෙය වැඩිහිටි බළලුන් සඳහා සමබර ආහාර – නිරෝගී සමක් සහ ලෝම සඳහා නිර්දේශ කෙරේ. නිරෝගී හිසකෙස් හා සම අලුත් කිරීමට උපකාරී වන විශේෂිත ඇමයිනෝ අම්ල සහිත උසස්තත්වයේ ප්‍රෝටීන, ඔමේගා 3 සහ ඔමේගා 6 මේද අම්ල මෙහි අන්තර්ගත වේ.
දින 21ක් තුළදී ප්‍රතිපල ලබාදේ.
(වැඩිහිටි බළලෙකුගේ මුත්‍රා පද්ධතියේ සෞඛය පවත්වාගැනීමට උපකාර වන ඛනිජ සමතුලිතතාවකින් සකසා ඇත.)
ඔබත් අදම ඔබගේ සුරතලට Royal Canin Hair and Skin Care ලබාදී වෙනස වටහාගන්න.
සටහන – තරුෂිකා කාවින්දි
Composition: dehydrated poultry protein, animal fats, vegetable protein isolate*, rice, vegetable fibres, maize, hydrolysed animal proteins, wheat, yeasts and parts thereof, maize flour, maize gluten, beet pulp, soya oil, fish oil, minerals, borage oil, marigold extract (source of lutein).
Additives (per kg): Nutritional additives: Vitamin A: 26000 IU, Vitamin D3: 700 IU, E1 (Iron): 37 mg, E2 (Iodine): 3.7 mg, E4 (Copper): 11 mg, E5 (Manganese): 48 mg, E6 (Zinc): 102 mg, E8 (Selenium): 0.06 mg – Preservatives – Antioxidants.
Analytical constituents: Protein: 33.0% – Fat content: 22.0% – Crude ash: 6.9% – Crude fibres: 5.0% – Per kg: Omega 3.0 fatty acids: 11.5 g – Omega 6.0 fatty acids: 52.9 g.
*L.I.P.: protein selected for its very high digestibility.
Feeding instruction: see table. Batch number, factory registration number and best before date: see information on packaging. To be stored in a cool, dry place.