පැටවුන්ට දෙන්න පුළුවන් ලෝකයේ ඇති හොඳම කිරි.

Puppy Pro Tech

මෙලොව ජීවත් වන සියලුම ක්ෂීරපායි   සතෙකුගේම ජීවයේ පදනම මව්කිරි ලෙස අපට හැඳින්විය හැක. මෙහිදී ඉතාම වැදගත් වන්නේ පැටවෙකු බිහිවී පය 24ක් තුළදී මවගෙන් ලැබෙන මුල්කිරි හෙවත් කොලස්ට්රම් යන සංඝටකයයි.

මෙම කොලස්ට්රම් මගින් පැටියෙකුට වැලදිය හැකි පාවෝ වැනි මාරාන්තික රෝගවලින් ආරක්ෂා කරයි. මෙහි ප්‍රතිශක්තිකරණය ලබාදීමට අවශ්‍ය වන ප්‍රතිදේහ සියල්ල අඩංගු වේ. ඒ නිසා මුල් පය 24 තුළ ලබාදෙන මව්කිරි ඉතාම වැදගත වේ.

පැය 24කින් පසුව මෙම කොලස්ට්රම් පැටියාට අවශෝෂණය කරගැනීම ටිකෙන් ටික අඩුවන අතර පැටියාගේ ජීවය සදහා ඊළගට අවශ්‍ය වන්නේ කිරිවල අඩංගු වතුරයි. තවත් කල් ගතවෙද්දී පැටියාගේ දේහ වර්ධනයට, බර වැඩිවීමට, හා ශරීරයෙහි සීනි මට්ටම වැඩිවීමට කිරි ඉතා අවශ්‍යය වේ. ඒ ඒ කාලවලදී කිරි ලබාදීමේ අවශ්‍යතාවය වෙනස් වේ. එම නිසා වැදගත්ම කාරණය වන්නේ ඔබේ පැටියාට ලබාදිය යුතු කිරිවල වැදගත්කම හොදින් තේරුම් ගැනීමයි.

සාමාන්‍යයෙන්  බලු පැටවකුගේ කිරිවරන කාලය සති 06කි. ඔබේ සුරතලා තම පැටවුන්ට කිරි දීම ප්‍රතික්ෂේප කළහොත් හෝ කුමන හෝ ප්‍රශ්නයක් නිසා කිරි ලබාදීමට නොහැකි වුවහොත් අනිවාර්යෙන්ම ඔබ කිසියම් ආදේශක කිරි වර්ගයක් ලබාදිය යුතු වේ.

ඒ සදහා හොදම විකල්පය වන්නේ  ප්‍රංශයේ Royal Canin ආයතනයේ නිෂ්පාදිත Puppy Pro Tech නිෂ්පදිතයයි. මෙහි විශේෂත්වය වන්නේ සුනඛ මවගේම කොලේස්ට්‍රම් අඩංගුවීමයි. එමෙන්ම මෙය පේටන්ට් බලපත්‍රය හිමි ලොව අංක 01 නිෂ්පාදනයකි.

Puppy Pro Tech

✅ ඔබේ සුරතල් පැටවුන් සඳහා ප්‍රතිශක්තිකරණය උපරිම කරමින් ඔවුන්ට මුල්කිරි හෙවත් කොලස්ට්‍රම් මගින් ලැබෙන ආරක්ෂාව ලබාදීමට රෝයල් කැනින් ”පපී ප්‍රෝ ටෙක්” නිෂ්පාදනය කර ඇත.

✅ මෙය නිෂ්පාදනය කර ඇත්තේ වසර ගණනාවක පර්යේෂණ මගිනි.

✅ එන්නත් මගින් ඔබේ සුරතල් පැටවුන්ට ලැබෙන ආරක්ෂාවට සමානව ආරක්ෂාවක් ලබාදීමට මෙම නිෂ්පාදනයේ අඩංගු ප්‍රතිදේහ සමත් වෙනවා.

✅ ඉපදී පලවෙනි පැයේ සිටම ලබා දිය හැක. එමගින්, පළමු පැය 24 මව් කිරිවලින් ලැබෙන කොලේස්ට්‍රම් එලෙසම ලැබෙනු ඇත.

✅ ඒ වගේම, මෙහි අඩංගු ශක්ති ජනක සහ ප්‍රෝටීන් මගින් දේහයට අවශ්‍ය ශක්තිය සහ ප්‍රෝටීන් ආරක්ෂාව ලබාදේ.

✅ පැටවුන්ට අවශ්‍ය කිරි පෙවීම සඳහා කිරි බෝතලයක්, විවධ ප්‍රමාණයේ සූප්පු 3ක් සහ කිරි පිටි මැන ගැනීමට හඬක් වගේම සාදාගැනීමට අවශ්‍ය වෙනත් උපකරණ ද අඩංගු ය.

✅ ඔබේ පැටවුන් මාරාන්තික පාවෝ රෝගයෙන් ආරක්ෂා කරගැනීමට පපි ප්‍රෝ ටෙක් ඉතාම වැදගත් නිෂ්පාදනයකි.

සටහන – තරුෂිකා කාවින්දි


Instructions for using PUPPY PROTECH




𝐏𝐮𝐩𝐩𝐲 𝐏𝐫𝐨𝐭𝐞𝐜𝐡 is a colostrum + milk supplement that is precisely developed to provide nutritional support for puppies from birth to weaning. This formula is particularly recommended for high-risk newborns and young puppies.