Kennel එකක් සාදාගැනීම පිලිබඳ හැමදෙනාම දකින සිහිනය…. (දෙවන කොටස)


How to make a Kennel - Part 02

වෛද්‍ය සංජය වාසල (පශු වෛද්‍ය සහ රෝයල් කැනින් ශ්‍රී ලංකා ප්‍රධානී) විසිනි.


Kennel එකක් සාදාගැනීම පිලිබඳ හැමෝම දකින සිහිනය කොයිතරම් ලොකු එකක්ද කියල දැනුනේ Kennel එකක් හඳුන්වාදීම ගැන මම ඉදිරිපත් කරපු පළමු ලිපියට 34,000 අධික පිරිසකගේ ළඟාවීම හරහායි.

Breeding කියන විෂයේ මුල් කරුණු හතරෙන් එකක් වෙන Kennel එක, ඒ තරම් වැදගත් දෙයක්.

ලිපි මාලාව ඉදිරිපත් කිරීම හා නිර්මාණය වෛද්‍ය සංජය වාසල

( රෝයල් කැනින් ශ්‍රීලංකා ප්‍රධානී)

බොහෝ අය මගෙන් ඉල්ලා සිටියේ Kennel Designs ලබාදෙන ලෙසයි.

ඒ සඳහා අපි මුලික දේවල් ටික ප්‍රායෝගිකව තේරුම් ගැනීම වැදගත් වෙනවා.

විශේසයෙන්ම මේ ලිපි පෙළ ඉදිරිපත් කරන්නේ රෝයල් කැනින් සමාගම විසින් බෙදා දුන් දැනුම් සම්භාරයෙන් කොටසක් ලෙසයි. එම දැනුම ලෝකය පුරා විවිධ රටවල Breeders සමග පශුවෛද්‍ය වරු එකතුව නිර්මාණයක් කල Dog Breeding විෂයේ ඉතාම ගැඹුරු දේවල්.

මේ ලිපි පෙළ අවසානයේ, ලෝකයේ හොඳ මට්ටමේ Kennel එකක ප්‍රායෝගික ආකෘති යක් ඉදිරිපත් කරන අතර, එම කරුණු වැලට අදාලව ලංකාවේ ඕනෙම තැනක නිර්මාණය කරන Kennel එකක් කිසිඳු මුදලක් අයනොකර පුද්ගලිකව පැමිණ උපදෙස් දීමටද මා කැමතියි.

එවැනි උසස් මට්ටමේ Kennels 10 වත් බිහිවනු දැකීම මගේ අරමුනයි. මොකද සතුන් හිර කාරයන් ලෙස දුක් විඳිනු දැකීම තරම් කනගාටුවක් පශුවෛද්‍ය වරයෙකුට නැති තරම් .

අද සිට ලිපි දෙකකින් ඔබට ඉදිරිපත් කරන්නේ ”Kennel එකක් සැලසුම් කිරීමට අත්‍යාවශ්‍ය කරුණු 08” පිළිබඳවයි.

ඉතා දිගු විස්තරයක් නිසා මේ කරුණු 08, කොටස් දෙකක් ලෙස ඉදිරිපත් කරනවා.

හොඳින් මේවා තේරුම් ගැනීම වැදගත් වන අතර, බොහෝ කරනු ලංකාව වැනි රටකට ගැලපෙන ලෙස සකසා ඇත්තේ රෝයල් කැනින් සමාගමෙන් මා ලබාගත් දැනුම, පශුවෛද්‍ය අත්දැකීම මෙන්ම Dog Breeders ලා සිය ගානක් සමග පුරා අවුරුදු 13 කල සමීප ආශ්රයද සමගයි.

එසේනම් වැදගත්ම කරුණු එකිනෙක බලමු.

01. ඔබේ Kennel එකට නිරතුරුව මෙන්ම ඉඳහිට පැමිණෙන අය ගැන සිතුවාද?.

ඔබ Kennel එකක් සැදු පසු බොහෝ පිරිසක් එයට පැමිණෙනවා. කෙනෙල් එකේ සේවය කරන අය , සුරතලුන් මිලදී ගැනීමට එන අය, Stud සේවයට පැමිණෙන අය, ඔබේ පශුවෛද්‍ය වරයා, Pet Food , විටමින් වර්ග හෝ ඖෂධ රැගෙන පැමිණෙන අය මේ අතර ප්‍රධානයි.

මොවුන් බාහිර පරිසරයක සිට පැමිණෙන අතර ඔබේ කෙනෙල් වනින්ම තවත් ඒවාටද ගොස පැමිණෙන අය වේ.

උදාහරණයක් විදියට, සුරතල් අපටවුන් මිලදී ගැනීමට පැමිණෙන අය තවත් ස්ථාන ගණනාවකට ගොස් පැටවුන් පරීක්ෂාකර ඔබේ තැනට පැමිණිය හැක. ඔවුන් සුරතලුන් ගණනාවක් අතපතගා ඇත, වඩාගෙන ඇත. එසේ නොකලත් ඔවුන්ගේ වාහනවල ටයර වල වෙනත් කෙනෙල් එකක් තිබු සුරතලුන්ගේ මලපහ හෝ එවැනි කොටස් තැවරී තිබිය හැක.

පාවෝ වැනි වයිරස මගින් පැතිරෙන බොහෝ ලෙඩ එක තනිකන් තවත් තැනකට යන්නේ මේ අනුවයි.

වාහන රෝද වලින් රෝග සම්ප්‍රේෂණය වීම පර්යේෂණ මගින්ද සනාත කර ඇත.

දැන් මදක් සිතන්න, ඔබේ කෙනෙල් එකට නිතර යන එන අමුත්තන්, ඔබේ කෙනෙල් එක තුලට ඇතුල් වීම කලමනාකරණය කල යුතුයි.

එසේනම් ඔබේ සුරතලුන්ගේ නිවස්න පිළියෙළ විය යුත්තේ එවැනි රෝග කාරක රැගෙන එන්නන්ගෙන් උපරිම ලෙස වැළකෙන ලෙසයි.

ඒ සඳහා ක්‍රමවේදයක් ඇත.

ඇතුලේ වෙන තැන සිට විෂබීජහරණයට වෙනම කොටසක් පිළියෙළ කල යුතුය. කෙනෙල් එකෙක්ට ගැලපෙන වෙනම ආකෘතියක් ඒ සඳහා ඇත.

එය වෙනමම විස්තර කල යුතුවන්නේ, ඒ සඳහා භාවිතා කරන විෂබීජ නාශක පවා වෙනමම සඳහන් කලයුතු අතර, ඒවා භාවිතය පිලිබඳ නිසි දැනුමක්ද තිබිය යුතු නිසාය.

මා ඉදිරිපත් කරන උසස් මට්ටමේ ආකෘතියේ මෙය ඉතාම හොඳින් ඇතුලත්ය.

02. ඔබේ සුරතලුන් යම් ආසාදන රෝගයකට ලක් උනොත්, ඔබට එය කමනාකරණය කරගැනීමේ හැකියාවක් සහිත ධාරිතාවක් (ඉඩකඩක්) තියෙනවාද?.

අපේ රටේ මේ කරුණ ගැන කිසිඳු අයෙක් සිතා නැතුවාට කිසිම සැකයක් නැත. බොහෝ අය තමුන් කෙනෙල් එකක් සැදුවායයි Facebook දමන චය රුප දුටු විට හැංගී යන්නේ ඔවුන් මුලික කරුනුවත් නොදන්නා බවය. උ

උස බිත්ති දමා, කාමරයක් වැනි ඉඩක් සාදන්වහලයක් ගසා , එවැනි units (එකක) 6-8 වැනි ප්‍රමාණයක් සාදා එක කෙනෙල් එකක් ලෙස නම් කරනවා.

එම චායා රුප දකින අනික් අය ”woow” , Excellent, Congratulations Bro යන coments දැමු පමණින්ම එය හොඳම කෙනෙල් එක ලෙස සිතා තමුන්ද එවැනි එකක් සාදා ගැනීමට , අර කලින් කියපු තැනැත්තාගෙන්ම උපදෙස් පතයි. ඒ නිසාම අද අපේ රටේ කෙනල් නැත. ඇත්තේ සුනඛ වදකාගාරය. ( හොඳ මට්ටමින් තමුන්ගේ කෙනෙල් එක පවත්යාගෙන යන මහත් වරුන්ට මෙය අදාළ නොවේ, ඔවුන් ගැන සතුටු වෙමි)

ඔබේ කෙනෙල් එකේ සුරතලුන් 06 දෙනෙකු සිටිනවායි සිතන්න. ඉන් එක සතෙකුට පාවෝ රෝගය වලන්දුනායයි සිතන්න. එය මාරාන්තික රිගයක් වන අතර, ඉතාම ඉක්මනින් බෝවෙන එකකි. කුඩා පැටවුන්ට ක්ෂණික මරණය ගෙනදෙන එකකකි.

පොවෝ රෝගයේදී අදික ලෙස දියර ලෙස මලපහ පිටවන අතර, මලපහ සමග අධික වෛරස ප්‍රමාණයක්ද පිටවේ. දැන් ඔබට මා මේ කියන දෙවන කරුණ තේරෙනවා ඇති. ඔබ එක්කෝ සුරතලාව සත්ව රෝහලක නතර කල යුතුයි.

නැතිනම් වෙනම ස්ථානයකට රැගෙන යා යුත්ටුයි. එසේ නොමැතිව සතුන් 06 දෙනෙකු එකලඟ සිටියොත් අනිවාර්ය ලෙස මේ රෝගය බෝ වෙනවා.

දැන් ඔබ කෙනෙල් එකක් නිර්මාණය කිරීමේදී මෙවැනි තත්වයටකට මුහුණ දීමට කල්පනා කලයුතුයි. ඔබට නිවැරදි දැනුම තිබුනානම්, අවම තරමින් වෛරස ලෙඩක් ගැන සාමාන්‍ය තොරතුරු දන සිටියානම්, ඔබේ කෙනෙල් එක සාදන වෙලාවට ඒ පිලිබඳ දැනුවත් වීම මගින් විසඳුමක් හොයන්න තිබ්බ.

මේ දිනවල් පැතිරෙන COVID-19 වෛරස වසංගතය මේ තත්වය තේරුම් ගැනීමට ඇති හොඳම උදාහරණයි. යම් අයෙකු නිවාස තුලම නිරෝධායනය වෙන්න උනොත්, නැතිනම් යම් අයකු රෝගී බව හඳුනා ගත්තොත්, නිවැසියන් ගැටළු රැසකට මුණ දෙනවා.

සෞඛ්‍ය අංශ මොන දේ කිව්වත්, ඔබේ නිවාස පිළයෙල කර ඇති ආකාරය අනුව නිවැසියන් සිටිය යුත්තේ අධික බියකිනි. මෙදෙයම ඔබේ කෙනෙල් එකටත් ආදේශ කරගන්න.

අලුතෙන් ඉපදෙන පැටවුන්, වැඩිහිටි සතුන්, රෝගී සතුන් කෙනෙල් එකක් තුල කළමනාකරණය කරන ඉතාම ගැඹුරු, වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම වේදයක් තියෙනවා. මා ඉදිරිපත් කරන සාර්ථක මොඩලයේ එය ඉතා හොඳින් ඔබට කියා දෙනවා.

අඩු ඉඩක, ලකු කෙනෙල් එකක් හදා ගැනීමේ අරමුණින්, cages 10 – 15 ඉදි කර, ලංකාවේ ලොකුම කෙනෙල් එකක් යයි නමක් පටබැඳ ගන්නාවාට වඩා, සුරතලුන් කිහිප දෙනෙක් ඉන්න, නියම ආකාරයට සකස් කරගත්ත කෙනෙල් එකක් ඉතාම වටිනවා.

03. සුලන් හමන දිශාව ඉතා වැදගත් බව ඔබ දන්නවාද?.

ඔබ කවදාවත් එයනම් හිතන්න නැතුවා ඇති. ඔබ මීගමුවේද?, පානදුරද?. මොරටුවේද?, අම්බලන්ගොඩද?. හික්කඩුවේද?. ගාලේද?, මාතරද?. නිකමටවත් හිතුනද ඒ ගැන?.

විශේෂයෙන් විවෘත බිමක ඉදිකරන කෙනෙල් එකකදී මෙය ඉතාම තීරණාත්මකයි.

ඉහත කී ප්‍රදෙහ්ස වල අය මේ පිළිබඳව දැනුවත් වීම ඉතා වැදගත්. සුලන්ගේ දිශාව, සුලන් වැඩිවන කාල, සුලන් හමන රටාව ඉතා වැදගත්. එකට හේතු ගොඩක් තියෙනවා. කෙනෙල් එකක් සැලසුම් කිරීමේදී, ගැහැණු සතුන්, පිරිමි සතුන්, කුඩා පැටවුන්, Pregnant සතුන්, දැනට breeding නොකරන සතුන්, Stud සතුන් නිවැරදිවම තියන ආකෘති කීපයක් තියෙනවා. ඒ අ එක එක ආකෘතියෙන් තමන්ට වඩාත්ම ගැලපෙන එක සෙවීමේදී, සුරල් ඉතාම වැදගත් සාධකයක්.

ඔබ සුලන් වලට අමතරව, ඉර මුදුන්වන සහ බස යන දිශාවද මේ සමග එකවර සලකා බැලිය යුතු වෙනවා.

මේ එක එක කරුණ ඔබට දීර්ඝව කියන්නේ, අපි හොඳම මොඩලය සහ එක එක මොඩල ඉදිරිපත් කරද්දී ඔබට ඒවා ඉතාම හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙන්නයි.

මුහුදුබඩ පලාත්වල සිටින Breeders මේ පිළිබඳව අසු විට ඔවුන් උඩබිම බලන්නේ, මේ කරුණු කිසිවක් නොදන්නා නිසාය.

ඔබේ කෙනෙල් එක තියෙන්නේ සුලන් මුවාවකද, නැතිනම් කෙනෙලින් සුළගට විවෘත වන එලිමහනකද, එසේනම් ඔබට එකම මොඩලය ගැලපෙන්නේ නැත.

සර්බියානු මොඩල අනුකරණය කරන බොහෝ අයගේ කෙනෙල් සාර්ථක නොවන්නේ, සර්බියාවේ පාරිසරික තත්ත්ව ඉතා වෙනස් නිසාය. 2019 අවුරුද්දේ මා පුද්ගලිකවම සර්බියාවේ සංචාරය කරල අතර, බෙල්ග්‍රේඩ් අගනුවර ඉතාම කඳුකර වන අතර, Winter කාලයට ඉතාම තද ශීතලක්ද, සරින් සැරේ හමන කුනාටු වැනි තද සුලන්ද ඇත. ඒවා හමන කාල, රටාව පිලිබඳ එරට හොඳ මට්ටමේ Breeders ලා සතු දැනුම පුදුම සහගතය.

සුලන්ගේ දිශාව වැනි දේවල් ඉතා සරලවම සොයා ගත හැකි ක්‍රම තියෙනවා.

04. ඔබේ කෙනල් එක පිරිසිඳු කිරීමේ පහසුව සහ පිරිසිඳු කිරීමට වැයවන මුදල ගැන ඔබ දන්නවාද?

කෙනල් එකක් සැලසුම් කිරීමේදී බොහෝ අය කිසිඳු සැලකිල්ලක් නොදක්වන , පසු කාලීනව ”ඇනගන්නා” කාරණයකි. ”Woow” මට්ටමේ කෙනල් එකක් අවශ්‍යනම් එහි පිරිසින්දුකම 100% වියයුතුය. 99% පිරිසිඳු කෙනල් එක woow නැත. සර්බියානු මොඩල, තායිලන්තයේ මොඩල, ජර්මනියේ මොඩල හදන අය අමාරුවේ වැටෙන්නේ මේ නිසාය.

ඔබේ කෙනල් එක පිරිසිදු කිරීම කෙසේවත් පහසු නැත. එසේනම් ඒ සඳහා අමුද්‍රව්‍ය ලෙස ගත යුත්තේ පහසුවෙන් මෙන්ම , අඩු වියදමකින් පිරිසිඳු කරගත හැකි, සතුන්ට ඉතාම ගැලපෙන, සුව පහසු ඒවාය.

යුරෝපයේ ”Winter” එකෙන් ආරක්ෂාවීමට යොදන දේවල් යොදා සාදන කෙනල් එකක්, 35C උෂ්ණත්වය ලැබෙන අම්බලන්ගොඩට හරියන්නේ නැත.

අපේ රටේ සාමාන්‍ය උෂ්ණත්වය 28 – 35 C වන අතර වාතයේ තෙතමනය හෙවත් සාපේක්ෂ ආර්ද්‍රතාවය 80% විතර වෙනවා.

එසේනම් ඔබේ කෙන්ල් එක නිර්මාණය විය යුත්තේ ඊට ගැලපෙන ලෙසයි. විශේෂයෙන් මේ උෂ්ණත්වයත්, තෙතමනයත් දෙකම බැක්ටීරියා වගේම කිනිතුල්ලන්ට හොඳ පරිසරයක් සකස් කරලා දෙනවා.

සර්බියාව වැනි රටවල කිනිතුල්ලන්ගෙන් අවුරුද්ද පුරා කරදරයක් නැත, එසේ කරදර වන්නේ ග්‍රීෂ්ම කාලය (Summer) තුල පමණි. අපේ ඊට හාත්පස වෙනස්ය.

කෙනල් එකක් තුල කිනිතුල්ලන් පාලනය පේ වගේ රටක ප්‍රධාන දෙයක්., එයත් පිරිසිඳු කමේ එක කොටසක්. බොහෝ ය සිතා සිටින්නේ කිනිතුල්ලන් සහ මැක්කන් ඔබේ සුරතාලගේ ඇඟ මතුපිට පමණක් ඉනාවා කියාය.

එහෙත් කිනිතුල්ලන්ගේ ජීවන චක්‍රයේ එක් කාලයක් පමණක් ඔබේ සුරතාලගේ ඇඟ මතුපිට ඉන්නා අතර, ඉතිරි කාලය සම්පුර්ණ කරගන්නේ ඔබේ කෙනල් එකේ බිත්ති, පොලව හෝ එළියේ ඇති මිදුල මතය.

එසේනම් ඔබට ඒවා පිරිසිඳු කරගැනීමේ පහසුව මෙන්ම වියදමද අනිවාර්යෙන් සැලකිය යුතුය.

කරුණු රැසක් ඉදිරිපත් කල නිසා ඉතිරි කරුණු 04 මීළඟ ලිපියෙන් ඉදිරිපත් කරන්නම්.

මා මේ කරුණු 08 ඉදිරපත් කළාට පසුව ඔබට ඉතා උසස් මට්ටමේ Kennel Model එකක් ඉදිරිපත් කරනවා.

එහි එක එක කොටස ලිපිය ලිපිය මගින් ලියා තබන්නම්. අද මේ ඉදිරිපත් කරන කරුණු නොදන්නේනම්, ඔබට එම මොඩලය තේරුම් ගන්න බැරිය.

මා මේ කරුණු එකතු කිරීමට, අධ්‍යනය කිරීමට, ගලපා ලිපියක් සකස් කිරීමට ඉතා වෙහෙසක් මෙන්ම, කාලයක් වය කරන නිසා ඔබ උපරිම ප්‍රතිඵල ලබා ගන්න.

එසේම , මේ ලිපිය නිසි අවසරයකින් තොරව සම්පුර්ණයෙන් හෝ කොටස් ලෙස පල කිරීම සම්පුර්ණයෙන් තහනම්. එහෙත් , මේ ලිපිය මේ ලෙසින්ම Share කිරීම කිසිඳු වරදක් නැත.

ඔබේ අදහස් , යෝජනා මෙහි ඉදිරිපත් කරන්න. නොමැතිනම් මට WhatsApp කරන්න. (0773699899)

– පශුවෛද්‍ය සංජය වාසල (රෝයල් කැනින් ශ්‍රීලංකා ප්‍රධානී)